Tuesday, May 21, 2013

චන්ඩියෙක්

රත්මලනෙ පට්ට චන්ඩියෙක් හිටියා නම මතක නැහැ. මිනිහ අගුලානෙ බාර් එකට ගියාලු රීලෝඩ් එකක් දාගන්න...ශොට් දෙකක් දාගෙන එලියට එද්දි මිනිහගෙ පුට් බයිසිකලෙ මිසින්ලු,

මිනිහට මලේ මලලු, කතා කලාලු වේටර් කොලුවට, මුට කනට කරල කිව්වලු
'' මල්ලි බෙලෙක්කඩේ හන්දියෙ වෙච්ච සිද්දිය කරගන්නෙ නැතිව මගෙ බයිසිකලෙ හොයල මෙතනින් ගෙනත් තියපන්.... මම ශොට් එකක් දාගෙන එන්න ඉස්සෙල්ලා. කියල කිව්වලු..

දැන් වේටර් කොලුවට සිද්දිය හතරවරන්ලු.... මුට බයෙ බැරිලු... අරූ නසරානියනෙ..... කොල්ල වටෙ දුවල කොහොමහරි පුටාර් එක හොයා ගත්තලු...ගෙනල්ල තිබ්බලු බාර් එකේ දොරකඩින්.....ටිකකින් බුවා ශොට් එකක් දාගෙන එලියට ආවලු....
" ආ මේ තියෙන්නෙ මගෙ වස්තුව" කියල නැග්ගලු පුටාර් එකට.
වේටර් කොලුවට විසද ගන්න ප්‍රශ්නයක් තියනවලු.
මේකා කලබලෙන් ගියාලු චන්ඩියා ලගට , ගිහින් ඇහුවලු මෙහෙම
" අයියෙ මෙහෙම අහනවට තරහ වෙන්න එපා ' ඔයාට බෙලෙක්කඩේ හන්ඩියෙදි බයිසිකලේ නැතිඋනාම මොකක්ද අය්යෙ උනෙ.බාර් එකේ උන්ට දුන්නද රිඩෙන්න...?
චන්ඩිය ටිකක් කල්පනා කරල මෙහෙම කිව්වා,
" පිස්සුද මල්ලි මම අඩිය දාල එද්දි පුටාර් එක තිබුනෙ නැහැ , මම පොඩි සද්දයක් දාල බැලුව හරි ගියෙ නැහැ.."
ඊට පස්සෙ මොකද උනේ අය්යෙ? මොනා කරන්නද , මම පයින්ම ගෙදර ගියා මල්ලි......
රත්මලනෙ චන්ඩි ඔහොම්මමලු....

නින්ද නොයාමට ප්‍රතිකාරය

<!-- නින්ද නොයාමට ප්‍රතිකාරය -->

කලක සිට පවතින නින්ද නොයාමේ රෝගයෙන් පීඩා විදි තරුණයා අවසානයේ මේ සදහා මනෝ වෛද්‍ය උපදේශකයෙක් හමුවීමට තීරණය කලේය..
ඔහුගේ ගැටළුවට සවන් දුන් උපදේශකයා ඔහුගේ පාදවල ඇගිලිවලින් පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන්
සිරුරේ ඉහලට "රිලැක්ස්" කර නිදා ගැනීමට ක්‍රමවේදයක් පුහුණු කළේය.

එදින රාත්‍රියේ ඔහු එය අත්හදා බැලීමට සූදානම් විය.

"මගේ කකුලේ ඇගිලි දැන් නිදාගන්න, දැන් මගේ යටිපතුල නිදාගන්න, දැන් වළලුකර නිදාගන්න, දැන් මගේ කෙණ්ඩා නිදාගන්න,දැන් මගේ දණහිස නිදාගන්න, දැන් මගේ කලවා නිදාගන්න, දැන් මගේ...." යනුවෙන් ඔහු සාර්ථකව එය කරගෙන යන්නට විය.

එවිටම ඔහු දුටුවේ ඔහුගේ බිරිද දුහුල් නයිටියක් ඇද සරාගී ලෙස කාමරයට ඇතුළු වන අන්දමයි. එය දුටු ඔහුට වහා කෑ ගැසිණ.

"හෝව්..! හෝව්..! නැගිටපල්ලා, ඔක්කොම නැගිටපල්ලා දැන්ම නිදාගන්න වෙන්නේ නැ.."

මචන් ලව්දාස

ඔන්න එක කාලෙක ලංකාවෙ හිටිය මචන් ලව්දාස කියල ජනාදිපති කෙනෙක්..එතකොට විරුද්ද පැත්තෙ හිටියෙ සටලයිට් කියල නායිකාවක්ලු....තේරුනානේ...
මෑන් මචන් පට්ට කපටිය පොර අනිත් පැත්තෙ උන්ව චා කරන්න එක එක දේවල් කරනව..එක දවසක් මේ දෙන්නටම එකම උත්සවයට එන්න කියල ආරාඳනාවක් ආවලු...ලව්දාසට දැන් මාර හැපිලු සැටලිට් එනවනෙ පදිරි කරල දාන්නම්කො කියල.. පස්සෙ පොර දුන්න සැටලයිට්ට කෝල් එකක් දීල කියනව මම හෙට තියෙන උත්සවයෙදි කාටත් හොරෙන් ඔයාට කිස් එකක් ඩෙනව කියල..දැන් සැටී නිකන් කරකෝල අතාඑරිය වගෙලු..ගෑනි දන්නව ලව්දාස කිව්වොය්හ් කොහොමහරි ඒක කරනව කියල... මොකඩ කලිනුත් සැටීගෙ අම්ම මහ සැටලයිට් එකටත් කිස් කරල පදිරියක් දාල තිබුන....දන් ඉතින් සැටී කල්පනා කරනවලු කොහොමද බේරෙන්නෙ කියල..

ඔය අතරෙ ලව්දාස විධායක බලතල එහෙම අරගෙන ල.ං.වි.ම කියන එකට කෝල් කරල කිව්වලු හෙට අහවල් ඒරියා එකට විනාඩි දෙකක් කරන්ට් එක කපන්න කියල..හෝල් එක තියෙන හරියෙ හරිය..
ඔනා වෙලාව ගෙවිල දැන් උත්සවයට වෙලාවලු..
ඔන්න කට්ටියම දැන් ස්ටේජ් එකේලු...කොහොමහරි අපේ ලව්දාස මැතිතුමා විධායක බලතල දාල අපේ සැටීගෙ පුටුවත් ලනින්ම තියාගෙන..මේක දැකපු සැටී පඩිරිම වෙලා ගියාලු.... ඔය අතරෙ අපේ සැටී මැතිනියට යටට අඳින්න අමතක වෙලා පට්ට ටෙන්ශන් එකක ඉඳල තියෙන්නෙ පව් අසරනී...
දැන් ඉතින් ලව්දාසය වෙලාව බලබල ඉන්නවලු උත්සවෙත් නැගල යනවලු..අරය වෙලාව බල බල ඉන්නැක සැටීට එච්චර ඇල්ලුවෙනැ හොඳෙ..ඔහොම යනකොට ල.ං.වි.ම ලොක්කගෙ වෙලාවටම කරන්ට් එක කැපුව..දැන් හෝල් එක ඇතුල පට්ට කලුවරයිලු..එත්කොටම ලව්දාස සටී ලගට ලන්වෙල කිස් එකක් ඩෙන්න යනකොටම සැටී නග්ගලු පුටුව උඩට..නැගල ගත්තලු සාරිය උස්සල ඉනට...
අර උන්නැහේත් හිතෙ තිබ්බ ටාගට් එකට දුන්න කිස් එකක්..පස්සෙ පොර කියනව..
..
..
..
..
..
අනේ සොරි වාසුදේව මම දැක්කෙ නැනෙ ඔයා මෙතන කියල...

මේකතාව ගොඩාක් සැර බාල කරල ලිව්වෙ...වරදක් නම් සොරිවෙවා..

අයිශ්චර්්‍යා රායි

ඔන්න ඉතිං ලංකාවේ චින්තන මහත්තයයි , ඇමරිකානේ ඔබාමා ගොයියයි , මයිකොරෝ සොෆ්ට් එකේ බිල් ගේට්ස් කාරයයි කැලෑවකට සෙට් උනාලු පොඩි අඩියක් ගහන්න .......... දැන් ඉතිං වැඩේ නැගලා යනවලු ,.........
පදමට වැදීගෙන එනකොට කට්ටයට බෝතලේ ආතල් එක මදි වගේලු . .... අන්තමට කොහොම හරි ‍ආතල් එකේ ඉතුරු ටිකට බඩුවක් සෙට් කරගන්න එක ‍ඒකජන්දයෙක් සම්මත උනාලු .
ලොකු මිනිස්සුනේ ...... පොඩි පොඩි පාරේ ඉන්න අයව පාවිච්චි කරන්නේ නෑ ...... ඒ නිසා අයිශ්චර්්‍යා රායිව සෙට් කරගත්තලු ....
ඔන්න දැනං කට්ට්යම හෝටලේලු ........ අයිශ්චර්්‍යත් ගේම අතඇරියෙ නෑ පුලුවන් වෙලාවේ ගාන කඩා ගන්න ඔනේ කියලා ඔන්න දැන් කථා කරලා අය වීම් පිලිඹද විසිතරේ දෙනවලු ....
" අයියලා ........ මෙහෙමයි ඉතිං මගෙ ගාන ටිකක් සැරයි , හැබැයි බය වෙන්න එපා ඔයාලා පාවිච්චි කරන විදිහටයි බිල වැටෙන්නේ , ඔයාලගේ මෙව්වා එක ඇතුලට දාන එක වාරෙකට ලක්ශයක් ගන්නවා එලියට අදින එක වාරෙකට ලක්ශ දෙකක් ගන්නවා "
ඔන්න ඉතිං ‍අපේ අයියලා තුන්දෙනත් කැමති උනාලු වැඩේට . මුලින්ම ඇතුලට ගියේ ඔබාමාලු , මිනිහා ගිහින් පැයකට විතර පස්සේ බොහෝම සතුටින් එලියට ආවලු . දෙවනියට බිල් ගේට්ස් මිනිහා පැය එක හමාරක් විතර හිටියලු .
ඔන්න තුන් වෙනියට අපේ චින්තන ගොයියත් ඇතුල‍ට ගියාලු ,
පැය භාගයක් ගියාලු අපේ මිනිහා තාම කාමරේ ඇතුලේ ,
පැයක් ගියා , තාම ඇතුලේ ,
පැය දෙකකුත් ගියා , එලියට එන පාටක් නෑ ,
දැන් එලියේ ඉන්න උන් දෙන්නට හෙන අප්සට්. ඇයි යකෝ මූ රට කරන්නේ අපෙන් සල්ලි ඇරන් , බඩුවක් ගහන්න ගියාම අපිට නැති තරං මූට සල්ලි කියලා .
පැය හතරක් විතර යද්දි අරුන් දෙන්න තීරණය කලාලු ඇතුලට ගිහින් අපේ එකාව බලෙන් හරි ඇදන් එන්න ,
ඔන්න ඉතිං දොර කඩාගෙන ඇතුලට ගියාම අයිශ්චර්්‍යා ඉන්නවලු ඇඳ උඩ දිගාවෙලා අපේ චින්තන අයියා ඒ උඩ නිදාගෙන හෙන 18+ ලු ......... මෙක දැකපු ‍ඔබාම බනින්න තියා ගත්තලු ගහනව ගහනවා ඉවරයක් නෑ කියලා . අපේ ලොක්කත් බැනලා ඉවර වෙනකං හෙල්ලෙන්නේ නැතුව ඉදලා අඩන්න ගත්තලු.
දැන් අරුන් දෙන්නට තවත් අප්සට්ලු ,
" ඇයි යකෝ අඩන්නේ "
" අනේ බං මට උදව්වක් කරපංකෝ "
" ඇයි හිර වෙලාද ? "
" නෑ බං , මගේ අතේ සල්ලි තිබුනෙ ඇතුලට දාන්න විතරයි එලියට ගන්න ණයක් දීපංකෝ "

කෑමති කෙල්ල

තරුණ කොල්ලෙක් දිනක් තම මව ලගට ඈවිත් මෙහෙම කියනවලු.." අම්මෙ මම කෙනෙකුට ආදරය කරනවා,මම එයාව බදින්න කෑමති.හෙට මම කෙල්ලො තුන්දෙනෙක් එක්කන් එනවා.අම්මට පුලුවන්නම් කවුද මම කෑමති කෙල්ල කියලා කියන්න".ඉතින් අම්මත් කෑමතිවුනාලු.

ඔන්න කියපු විදිහට කෙල්ලො තුන්දෙනා ඈවිත් මාරුවෙන් මාරුවට අම්මත් එක්ක කතා කරලා ගියාලු.ඊට පස්සෙ පුතා අම්මගෙන් අහනවලු "හරි දෑන් කියන්න්නකො පුලුවන්නම් කාටද මම කෑමති කියලා".අම්මා කියනවලු "අර රෝසපාට ගවුම ඈද්ලා හිටිය කෙට්ටු කෙල්ලටනෙ උඹ කෑමති..මම හරිනෙ??"

පුතාට විශ්වාස කරන්නත් බෑහෑලු අම්ම කොහොමද එකපාරටම හොයාගත්තෙ. කියලා.පුතා කියනවලු "හරියට හරි අම්මෙ,මම එයාට තමයි කෑමති.අම්ම කොහොමද හරියටම කියුවෙ???"

අම්මා කියනවලු "මම ඒකිට තමයි අකමෑතිම" කියලා.

we three

(ඉංගිරිසි රට පාලනය කරන කාලෙදි වුනු සිද්දියක්)

පිටිසර ගමක හිටය ගැටව් 3න් දෙනෙක්ට ඉංගිරිසි ඉගෙන ගන්න හිතක් පහලවුනා.
සුද්දන් 3න් දෙනෙක් පාරෙ යනව දැකපු,
මුන් 3න් දෙනා ඉංගිරිසි ඉගෙන ගන්න සුද්දන් පසු පස ගියා..

සුද්දන් අතරෙන් "we three " කියනවා ගැටයකුගෙ කකට අැහෙනවා.
1ගැටයා : "ඒක මම මතක තියා ගන්නම්" කිව්වා.
"six cent" කියලා අැහෙනවා සුද්දන් අතරෙන්
2ගැටයා : " ඒක මම මතක තියාගන්නම්" කිව්වා.
"yes yes" කියලා නැවත අැහුණා
3ගැටයා : " ඒක මම මතක තියාගන්නම්" කිව්වා.

ඒ දින ඔවුන්ට ඉගෙන ගන්න ලැබුනෙ ඒපමණයි,

පහුවෙනිදා මුන් 3න් දෙනා සුද්දන් වගෙ සැරසිලා බස්තම් අරන් , දුම් පයිප්ප පත්තු කරාන පාරෙ යනවා...
පිහි පහරකින් මිය ගිය මළ මිනියක් මුන්ට හම්බ වෙනවා පාර අයිනෙ තිබිලා

ඒ විටම ෙපාලිසියෙන් ඒතනට ඒනවා....
රාළහාමි කෙනෙක් මෙහෙම අහනවා ගැටව්ගෙන්
"කව්ද මූ මැරැවෙ'
1ගැටයා ; "we three"
නැවතත් රාළහාමි අහනවා
"අැයි මැරැවෙ"
2ගැටයා : " six cent"
අනිත් ගැටයගෙන් අහනවා
"අැත්තද මුන් දෙන්නා කියන්නෙ"
3ගැටයා : "yes yes" කිව්ව
ඉතිරි හරිය ඉතින් හිතා ගන්න පුඵවන්නෙ..........

වේගය වැඩියි

පොලිස්: මහත්මය ඔබගේ වේගය වැඩියි මේ පාරේ 60 වඩා යන්න බැහැනේ.
මිනිසා: සමාවෙන්න මම හදිසියක් වෙලා යන්නේ අනෙක මම ඕනනම් 65 ට යන්න ඇති..
බිරිද: ඇයි අනේ මොන හදිසියකද මම එපා කියද්දී ඔයා 100 ටනේ ගියේ...

පො: ඔබගේ බ්රේක් ලයිට් එක වැඩ කරන්නෙත් නැහැ මම එකටත් දඩ කොලයක් ලියනවා.
මි: ඇත්තද මම දැන් වෙනකල් දැක්කේ නැහැනේ එකනම් නොදැනුවත් කම.
බි: අයි ඩාර්ලින් ගිය මාසෙත් ඔයාව අල්ලද්දී ඕක පත්තු උනේ නැහැනේ.
( මිනිහට දැන් මල පැනල ගෑනිත් එක්ක )

පො: මහත්මය මේ දොරේ තියන සිරුම කොහේ වැදිලද?
මි: ආ එක ගණන් ගන්න එපා මගේ ගැරේජ් එකේ වැදුනේ මම හදා ගන්නම්
බි: ඔයාට මතක නැද්ද අනේ පෙරේද ඔයා පාර්ක් කරලා තියන තැනෙන් එලියට ගද්දිනේ ඕක අර බෙන්ස් එකේ වැදුනේ.
( මිනිහට ඉවසන්නම බැහැ එත් මොනවා කරන්නද බැන්ද ගැනිනේ)

පො: මහත්මයා........ඔබ ආසන පටිය පලන්දගෙනත් නැහැනේ..
මි: ආ ....මම වාහනේ නවතපු ගමන් ගැලෙව්වේ රාලහාමි..
බි: මොන පිස්සුද අනේ ඔය කවදාවත් බෙල්ට් එක දානවය
මි: කට පියාගන් මෝඩ ගෑණි..........
පො: නෝනා, මහත්තය හැම දාම මෙහෙමද කතා කරන්නේ
බි: අනේ නැහැ රාලහාමි මෙයා රත්තරන් මිනිහෙක්.....හොඳටම වෙරි උනාමනේ ඔය...

නත්තල් සීයා

නත්තල් සීයා:-පුතාට මොනවද ඔනේ????

පොඩි එකා:-මට සෙල්ලම් කරන්න මල්ලියෙක් ඔනේ....

නත්තල් සීය:-කෝ පුතේ අම්මා????

ටයිප් සෙටින්

අපි ඒ දවස්වල පාර්ට් ටයිම් ජොබ් හොයන කාලෙ....මමත් අදාල පත්තරේ තාවකාලික ටයිප් සෙටින් වලට ගිහිල්ල හිටියෙ...අපිට තිබ්බෙ...පොඩි පොඩි ඇඩ් ටයිප් කරන්න....ඔය මනමාල මනමාලියන්ගෙ මංගල යෝජනා ටයිප් කරන්න එහෙම....අංකල්ල සෙට් එකක් තමා හිටියෙ පෘෆ් බලන්න...හැමදාම හැන්දෑවෙ හයට විතර වැඩ පටන් ගත්තාම පාන්දර තුන හතර වෙනකම් වැඩ...පාන්දර වෙද්දි කණ සාක්කුවෙ ඉන්නෙ කොහෙද....කරන්නෙ මොනවද කිසි දෙයක් දන්නෙ ග*ජ ගැහුව වගේ අඩ නින්දෙ තමා ඉන්නෙ..ඔන්න දවසක් උදේ පාන්දර අපේ රිසෙප්ෂන් එක පැත්තෙන් ටිකක්....සද්දෙට සුද්ද සිංහල වචන ටිකක් ඇහෙනව...

‘මොනවද ඔයි මේ පත්තරේ දාල තියෙන කුණු හරැප, මගෙ කෙල්ලට දැන් පාරෙ බැහැල යන්න බෑ...මොන හු**ගෙ පුතා ද මේක ටයිප් කරේ‘

සද්දෙට බාගෙට නිදාගෙන හිටපු අපිත් ඇහැරැණා....තව තව වචනත් ඇහුන මේකෙ ලියන්නත් මොකක්ද වගේ හින්ද නොලිය ඉන්නම්....ටික වේලාවකට පස්සෙ බොසා ආව...මුණ නිකම් ඉස්කෝප්ප ආසිය වගේ...කං වලින් දුං විසිවෙනව...

‘කැලුම් එනව පොඩ්ඩක් රෑම් එකට‘

අපේ ‘බකය‘ට බොසා කතා කලා. විනාඩි පහලොවක් විතර රෑම් එක ඇතුලෙ ඉදන් බකය එනව..කට පු* වගේ හදාගෙන.....

‘මොකද බං‘

‘මාර සීන් එකනෙ ඇඩ් එකක අකුරැ වැරදිලා බං...මේ පෘෆ් බලන නාකි හැත්තවත් මේක බලල නෑනෙ...‘

‘අපෙත් වරදින්නෙ බං...ඕක මහ දෙයක් යෑ‘

‘ඒකනෙ බං මේ මහ එකාට කිව්වට තේරෙන්නෙත් නෑනෙ...‘

‘මොකක්ද දැන් සීන් එක...

ඔන්න උඹලම බලා ගනින්ලකො..පොඩි අවුලක් බං....

ඔයාලත් බලන්කො අපේ එකාගෙ පොඩි අවුල

‘ප්ලැට් රෑෆ්, ඩබල් ඩෝර් සහිත 23 හැවිරිදි බොදු ගොවි, බියකරැ යුවතියකට සුදුසු ගැනුමකරැවෙක් සොයයි. අතරමැදියන් අනවශ්‍යයි. අයිතිකරැ විදේශ ගතවන නිසා වහා විකිණේ.‘

ගෑනු තුන්දෙනෙක්

ඔන්න දවසක් තරුණ ගෑනු තුන්දෙනෙක් පරලොව සැපත් වෙලා දිව්‍යලෝකෙ ගේට්ටුව ලඟට ආවලු. හැබැයි එක පාරටම ඇතුලට ගන්නෙ නෑ. කවුද මන්ද දෙවියෙක් ඉන්නව, මෑන්ස් තමයි ඉන්ටවීව් කරල කාරිය ඇතුලට ගන්නෙ.

ඔන්න පොර ආවලු ගේට්ටුව ලඟට. ඇවිත් ඉන්ටවීව් එක පටන් ගත්තලු. පළවෙනි ගෑනිට කතා කළා.

"යුෂ්මතිය මැරෙන්න කලින් ධාර්මිකව ජීවත් වුනාද?"
"එහෙමයි ස්වාමීනී"
"තමුන්ගේ ස්වාමිපුරුෂයට එහෙම අවංකව හිටියද?"
"කවදාවත් වෙන මිනිහෙක් ගැන හිතලවත් නෑ ස්වාමීනී"

එයාව පොඩ්ඩකට පැත්තකින් තියපු දෙයියො දෙවෙනි ගෑනිට කතා කළා. අර ප්‍රශ්න දෙකම අහනව. මේ ගෑනි කියනව,

"අනේ ස්වාමීනී මම වෙන මිනිහෙක් එක්ක පොඩි සීන් එකක් තිබුනා, ඒත කවදාවත් අතින් අල්ලපු එකට වඩා නං දුර ගියේ නෑ"

ඒ ගෑනිටත් පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියල ඕං තුන්වෙනි ගෑනිටත් අඬගැහුව. අර ප්‍රශ්න දෙකම ඒ ගෑනිගෙනුත් අහනව.

"ස්වාමීනී මම නං කලේම වෙන මිනිස්සු එක්ක ගිය එක. මං මගේ මිනිහ එක්ක හිටියට වඩා වෙන උන් එක්ක ඉඳලා ඇති"

දෙයියො පොඩ්ඩක් කල්පනා කළා.
මුලින් ඉන්ටවීව් කරපු ගෑනු දෙන්න දිහාට හැරුනා.

"යුෂ්මතීල දෙන්න ඔහොම ඇතුලට යන්න"

ඒ දෙන්නා යනකං ඉඳල අර තුන්වෙනි ගෑනි දිහාට හැරිලා,

"ඔය නංගි හවස්වෙලා මගෙ කාමරේ පැත්තෙ එන්නකො"

ප්‍රපෝසල්

කෙල්ල: මට ගෙදරින් ප්‍රපෝසල් එකක් කතා කරන්න යනවලු.. මොනාද අපි කරන්නේ? :(

කොල්ලා: මම කියලා මොනවා කරන්නද? :/

කෙල්ල: අපි දෙන්නා කාත් කවුරුත් නැති පාළු පැත්තකට ගිහින් කඩයක් දාගෙන ජීවත් වෙමු.. ^_^

කොල්ලා: කාත් කවුරුත් නැති පාළු පැත්තකට ගිහින් කඩයක් දැම්මාම කඩේ බඩු ගන්න එන්නේ තොගෙ අම්මද

බල්ලා

මෙන්න මෙකයි කතාව .
ඔන්න ඉන්නවලු පොඩි එකෙක් අපි කියමුකො සිරිපාල කියලා.
ඔන්න සිරිපාලගෙ පන්ති බාර ටිචර් කිව්වලු ලමයිනෙ සදුදට එද්දි හුරතල් සතෙක් ගෑන රචනාවක් ලියන් එන්න කියලා.
ඔන්න සදුදත් ආවලු.
මෙන්න සිරිපාලගෙ රචනාව.

මගෙ සුරතල් සතා බල්ලාය.
ඌට කකුල් හතරක් ඈත.
උගෙ ඈගෙ මෑක්කො සිටි.
මෑක්කා ඉතා ක්‍රියාශිලී සතෙකි.
මෑක්කාට කකුල් අටක් ඈත.
මෑක්කා යන්නෙ පෑන පෑනය.
මෑක්කාගෙ ඵ්‍රියතම පානය අපෙ බල්ලාගෙ ලෙය.
අපි බල්ලාව අති කරන්නෙ මෑක්කාට කන්න දෙන්නය.
මම මෑක්කට ආදරෙයි
මෑක්කා මට ආදරෙයි.

මෙක කියවපු ගමන් ටිචර්ට වයර් මාරු උනාලු.
බෑලුවලු මෙක හරියන වෑඩක් නෙවේ මෙහෙම ගියොත් මෙ ලමයගෙ අනාගතෙ මෑක්කෙක් වගෙ වෙයි කියලා.එ පාර ටිචර් කිව්වලු සිරිපාල හෙට එද්දි කුකුලෙක් ගෑන ලියන් එන්න කියලා.

කුකුලා මොනවා උනත් පාන්දරම නගිටින සතානෙ මෙන්න ඉලග දවසෙ රචනාව.

අපෙ ගෙදර කුකුලෙක් නෑත.එත් අබරන් මාමාගෙ ගෙදර කුකුලෙක් ඈත
.කුකුලා උදෙම හඩලන නිසා කුකුලා අපිට කරන්නෙ ලොකු සෙවයකි.
සමහර දවස් වල අපෙ බල්ලා අබරන් මාමාගෙ කුකුලාව අල්ලන්නට පස්සෙන් දුවයි.
අපෙ බල්ලාට කකුල් හතරක් ඈත.
උගෙ ඈගෙ මෑක්කො සිටි
මෑක්කා ඉතා ක්‍රියාශිලී සතෙකි.
මෑක්කාට කකුල් අටක් ඈත.මෑක්කා යන්නෙ පෑන පෑනය.මෑක්කාගෙ ඵ්‍රියතම පානය අපෙ බල්ලාගෙ ලෙය.මම මෑක්කාට කන්න දෙන්න බල්ලෙක් ඈති කරමි.මම මෑක්කට ආදරෙයි මෑක්කා මට ආදරෙයි.

ඔන්න ආයෙ ටිචර්ට නෑග්ගා මල අසු හාරදාහට.ටිචර් කලා වෑඩක්.
කිව්වා පුතෙ මාලුවෙක් ගෑන ලියන් එන්න කියලා.(මොකද මාලුවගෙ ඈගෙ මෑක්කො නෑනේ)
මෙන්න රචනාව.

අපෙ ගෙදර මාලු ටෑන්කියක් නෑත.එහෙත් එහා ගෙදර මාලු ටෑන්කියක් ඈත.මලුවාට පිහිනන්නට වරල් ඈත .බෑරි වෙලාවත් මාලුවාගෙ ඈගෙ මෑක්කෙක් හිටියොත් මෑක්කාට කකුල් අටක් ඈත.මෑක්කා යන්නෙ පෑන පෑනය.මෑක්කාගෙ ඵ්‍රියතම පානය අපෙ බල්ලාගෙ ලෙය.මම මෑක්කාට කන්න දෙන්න බල්ලෙක් ඈති කරමි.මම මෑක්කට ආදරෙයි මෑක්කා මට ආදරෙයි.සිරිපාලට වෙච්ච දෙ හිතාගන්න ඔයාලා

Tuesday, May 7, 2013

ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි

ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි... දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්,
අපේ ලාන්කික්යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක්
දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම
එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු....
මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන්
තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... ( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා..
හරිද?? ) යක්ෂය කිව්වලු මම දැන්
තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම
මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන
විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි
උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු... ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද
කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන
මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු
පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු ''
ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද
හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු... මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට
දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක්
ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත්
විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන
ඇවිල්ලා පෙන්නුවලු...
දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි
උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක්
කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත්
හා කිව්වලු... අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම
තියනවද ?? පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට
හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න
කිය

පියයුරු වර්ණනා

ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍කරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”

ඇම්ඩන් -
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”

ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...

නිවඩු නතුව

ඔන්න තව සීන් 1ක් ,අපිට වැඩියෙන් නිවඩු නතුව වැඩ කරන්න උනාම මල පනිනවනෙ..මෙකත් එ වගෙ මල කතාවක්..ඔන්න එක රූම් බොයි කෙනෙක් නිවඩු ඉල්ලලා දුන්නෙ නෑලු..අනික් උන් ඔක්කොම නිවාඩුලු..
මුට දැන් දවස් 2ක්,3ක් කවර් කරන්න වෙලාලු...
මූ හිටපල්ලකො උබලට මම කරන්න කියලා....බැග් එකකට කක්කා කරාලු...
කරලා එක ෆෑන් එකට විසි කරල ෆෑන් එක ෆුල් කැරකෙන්න දැම්මලු,දාලා මු නිවාඩු ගියාලු...
අනික් දවසෙ මැනජෙර් ඇවිල්ල බලනකොට කාමරෙ පුරාම බිත්ති වල කක්කාලු..
එතින් මැනජෙර් වෙන එකෙක් ගෙනල්ල කිව්වලු මෙ ටික සුද්ද කරන්න මම රු 1000ක් දෙන්නම් කියලා...
අරු කිව්වලු මම සේර්ට රු 2000ක් දෙන්නම්..මෙහෙම රෙන විදිය කියල දෙන්න කියල..

ඇම්ඩා ගියාලු මාමලාගෙ ගෙදර

ඇම්ඩා ගියාලු මාමලාගෙ ගෙදර මාමා අබ්බගාතයිලු
ඇම්ඩා ..මාමේ කො නැන්දා
මාමා .. ටවුමට ගිහිල්ලා
මාමා ..පුතේ මයෙ කාමරේ ඉන්නවා හූනො දෙන්නෙක් හැම වෙලෙම චික් චික්ගානවා නිදාගන්නත් නැ උන් දෙන්නව මරපන් .......ඔන්න ඇම්ඩා කාමරෙට යනකොට මාමලගෙ දූරු දෙන්න කාමරේ ඇම්ඩාට කැත හිතක් පහල වෙනව දූරු දෙන්නට අහවල් වැඩේ කොරන්න
ඇම්ඩා..මාමා මට කිව්වා ඔය දෙන්න එක්ක අහවල් වැඩේ කරන්න කියලා
දූරු දෙන්නා.. වෙන්නබැ
ඇම්ඩා..මාමේ දෙන්නටමද .. මාමා හයීයෙන් කැ ගහලාකියනවලු ඔව් බන් ඔව් ඔය දෙන්නටම දීපන් කියලා

කන පැලෙන්න බීලා

ඔන්න දවසක් දෙන්නෙක් කන පැලෙන්න බීලා බීලා පාරෙ අමාරුවෙන් වැනි වැනී ගෙදර යනවලු! සිරිපාලයි ගුණපාලයි කියලා කියමුකෝ! හදිසියේම සිරා දැක්කලු ඉස්සරහින් පාර තියෙන යමක් දෙන්නට පෑගෙන්න යන බව!

සිරා - ඒයි අයින් වෙයන් ඔන්න කක්කා ගොඩක්!!
ගුණේ - (ඒ දෙස බලා) පිස්සුද බන්? මේක කක්කා ගොඩක් නෙවෙයි බන්!
සිරා - (පහත් වී නැමී මුහුණ ලං කොට බලා) යකෝ! මේක කක්කා ගොඩක් තමයි!! මේ පේන්නෙ නැද්ද?
ගුණේ - (සිරා බැලූ අයුරින්ම බලා) අනේ පලයන් බන්! උඹ හිතුවද මට ඇස් පේන්නෙ නෑ කියලා? මේ කක්කා නෙවෙයි මෝඩයෝ!
සිරා - (හොඳින් නහය ලං කොට ඉව කොට බලා) හප්පේ... යකෝ මේ පේන්නෙ නැද්ද ගඳ! මේ කක්කම තමයි යකෝ!
ගුණේ - (සිරා බැලූ ලෙසම ඉවකොට බලා) නෑ මිනිහෝ! මේ කක්කා නෙවෙයි! බත් පාර්සලයක් වගේ මොකක් හරි පාරෙ වැටිලා නරක් වෙලා වෙන්න ඇති!
සිරා - (නොදන්නා ද්‍රව්‍යයෙන් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන හොඳින් බලා) අපෝ බන්! මේ බලපන් කක්කා තමයි බන්! මේ.. හැටි බලපන්කෝ!
ගුණේ - (සිරා සේම ඇඟිල්ලට ගෙන බලා) උඹට බෑ මාව රවට්ටන්න! කක්කා නෙවෙයි! එච්චරයි මම කියන්නේ!!
සිරා - (ඇඟිල්ලට ගත් ද්‍රව්‍යය කටේ දමා රස බලමින්) කක්කා තමයි ගුණයෝ! කියන දේ අහපන්! මට හොඳටම ෂුවර් යකෝ දැන් නම්!!
ගුණේ - (සිරා කල ලෙසින්ම කටේ දමා මඳක් රස බලමින් සිට) චිකේ! ඊයා බන්! කක්කා තමයි! තව පොඩ්ඩෙන් පෑගෙනවා!

කියා දෙදෙනා කක්කා ටික මඟ හැර ගියෝ

දිව්‍ය ලෝකය (හාස්‍ය)



එදා දිවියලෝකේ හෙණ බිසී දවසක්.මෙහෙ පව් කරන්නේ නැතිව මැරිච්ච පොරවල් ගිහිල්ල,එහෙ කට කැපෙන්න පිරිලා.දෙව් වරු ,දිව්‍යාංගනාවෝ එහෙ පාර්ක් වල හිටන් එකමොඩේෂන් හිඟ කමට.
ඒ අස්සේ දොර ගාව තුන්දෙනෙක් බලන් ඉන්නවා ඇතුලට යන්න.දොරටුපාල ගොයියා ගෙනාව නීතියක් මේ මොහාතේ ඉඳල ඇතුලට ගන්නේ බිහිසුනුම මරනෙකට ලක් වෙච්ච කට්ටිය විතරයි කියල.

පෝලිමේ ඉස්සරහම ඉන්න පොරට චාන්ස් එක ආව මැරිච්ච හැටි කියන්න."මම සැහෙන්න කාලයක් තිස්සේ සැකෙන් හිටියේ මගේ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව කියල.මම අද වරුවක් නිවාඩු දාල කලින් ගෙදර ආව ගෑනිගේ හොරෙ අල්ල ගන්න හිතා ගෙන .මම දහවන තට්ටුවේ තියෙන අපේ එපර්ට්මන්ට් එකට ඇතුල් උන ගමන්ම මට තේරුණා මොකෙක් හරි හැංගිලා ඉන්නවා කියල.හැම තැනම බැලුව,ඒත් හොයා ගන්න බැරි උනා.අන්තිමට බැල්කෙනියට ආව.මේ ඉන්නේ පොරක් එල්ලිලා,බැල්කෙනියේ යටම රේලින් එකේ.මට උරුජුවල් නැග්ග ,ගෙට ගිහින් මිටියක් අරන් ඇවිල්ල අර යකාගේ ඇඟිලි තැලුව රේලින් ඒක අතඇරිලා වැටෙනකම්ම.කාලකන්නිය වැටුනේ පඳුරක් උඩට #$@# පුතා මලේ නෑ.ඒ පාර ගෙට ගිහින් ෆ්‍රිජ් ඒක ඇදගෙන ඇවිල්ල අතඇරිය උගේ ඇඟට.ඔන්න ඒ පාර තමයි ඒ ප@# මරුනේ.ඔය සෙල්ලම් ඔක්කම දාල ඉවර වෙනකොට මට හාර්ට් ඇටැක් හැදිලා ,මං තුමත් කප් ඒක ගැහුවා" දොරටුපාල දෙයිය හේනට කම්පා වෙලා පොරව ගත්ත ඇතුලට.කතා කළා ඊළඟ කියල.

ඊළඟ පොර ඇවිල්ල කිව්වා "මං පදිංචි වෙලා ඉන්නේ උස බිල්ඩිමක එකොලොස්වන තට්ටුවේ.මං හැමදාම බැල්කෙනියේ එක්සසයිස් කරනවා.අද එක්සසයිස් කරමින් ඉද්දි පය ලිස්සල බල්කෙනියෙන් වැටුන.වැටෙනකොට වාසනාවට වගේ දහවන තට්ටුවේ බල්කෙනියේ රේලින් ඒක අහුවෙලා එල්ලුනා.එතකොට කවුද පොරක් ආව බැල්කෙනියට,මං හිතුව මෑන්ස් මාව බෙර ගනියි කියල.කොහෙද ඒ හු#$%$ මිටියක් ගෙනල්ල මාව බිම වැටෙනකම් ඇඟිලි තැලුවනේ.මට අහු උනොත් ඔය වේ##$ පුතාව අමුවෙන් කනවා.ලක් එකට මාව වැටුනේ පඳුරු ගොඩක් උඩට,ලොකු ඩමෙජ් එකක් උනේ නැහැ.ඒ උනාට අර හු@#% තඩි ෆ්‍රිජ් එකක් ඇදගෙන ඇවිල්ල මගේ ඇඟට අතඇරියනේ.එකෙන් තමා මට මෙහෙ එන්න චාන්ස් ඒක හම්බුනේ." දොරටු පාල දෙයිය හේනට කම්පා වෙලා පොරවත් ඇතුලට ගත්ත.කතා කළා ඊළඟ කියල.

තුන් වෙනි එකා ඇවිල්ල පටන් ගත්ත ඌට වෙච්ච දෙ කියන්න."බලන්නකෝ දෙයි හාමුදුරුවනේ මට වෙච්ච දෙ ,මම හෙළුවෙන් ෆ්‍රිජ් එකක් ඇතුලේ හැංගිලා ඉන්නකොට ....." එච්චරයි කියන්නේ හම්බුනේ ,අධෝ පාර්ශවයට වැදුන පා පහරකින් පොර නැවතුනේ යමයාගේ රාජ සභාව ඉස්සරහ

Saturday, May 4, 2013

තාත්ත පිම්ප් කෙනෙක්

දවසක් පංතියේ ටීචර් ළමයින්ගෙ පුද්ගලික විස්තර අහමින් හිටිය.
දෙමාපියන් කරන රස්සාවල් වගේ දේ. දන්නෙ නැද්ද ටීචර්ලගෙ හැටි..

ළමයි එක එක උත්තර දුන්න.
අපේ අම්මා ගුරුවරියක් – තාත්ත ප්‍රින්සිපල් කෙනෙක්
අපේ අම්මා නර්ස් කෙනෙක් – තාත්ත දොස්තර කෙනෙක්
අපේ අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ

යනාදී වශයෙන්.

දැන් ඇම්ඩගෙ වාරෙ.

ටීචර් අපේ අම්මා ප්‍රොස්ටිට්යුට් කෙනෙක් – තාත්ත පිම්ප් කෙනෙක්

මේක අහල ටීචර්ට මළ පැන්න. වහාම කඩදාසියක මේ විස්තරේ ලියල ඇම්ඩ අතම ප්‍රින්සිපල් ගාවට යැව්ව.

ටීචර් බලා ගෙන හිටිය ප්‍රින්සිපල් ඇම්ඩට වේවැල් කසාය දෙනව ඇති කියල.

විනාඩියකින් විතර ඇම්ඩ ආපහු එනව මොකුත් නූන ගානට.

ටීචර් අහනව.. ” මොකෝ උනේ ඇම්ඩ?”

“මොකුත් නෑ.. ප්‍රින්සිපල් ගෙදර ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත”

ඇම්ඩ උත්තර දුන්න

නරියෙකුයි කොටියෙකුයි

ඔන්න එකමත් එක කාලෙක නරියෙකුයි කොටියෙකුයි යාලු වෙලා උන්නා . යාලුවෝ උනාට කොටිය හැම දාම නරියට නක්කලේ දානවා.උට හරියට හිරිහැර කරනවා . නරියාව හපා කනවා. උගේ කනට ගහනවා.මස් කටු වලින් ගහනවා.ඔය වගේ හරියට වද දෙනවා.නරියත් ඉතින් කොටිය කාල ඉවරවෙන මස් ටික කන්න පෙරේත කමේ ඔය සියලු දේවල් ඉවසගෙන හිටිය.එත් ඉතින් ඉවසීමේත් සීමාවක් තියනවා නොවැ හසන්ත ළමයෝ. දවසක් නරියාට රතුකට්ට පන්නා. ඌ කොටිය ඉස්සරහට ගහින් "අඩෝ කොටියා, තෝ ආයේ මට හිරිහැර කරන්න අවොත් තොට පු$ ඇරලා තමා මම පස්ස බලන්නේ කියල කිව්වා ".මේක ඇහුන විතරයි කොටියට යක්ෂයා ආරූඩ උනා. නරියෙක් කොටියෙක්ට ඔහොම කිව්වම කොහොම ඉවසන්නද ? ඉතින් කොටිය නරියාව එලවන්න පටන් ගත්තා. එන පොට හරි නැති බව තේරුණු නරිය කැලේ බිඳගෙන දුවන්න පටන් ගතට.දැන් දෙන්න එක්ක දුවනවා.දුවල බේරෙන්න බැරි ස්චෙනේ එකක් තමා තියෙන්නේ කියල නරියට තේරුනා.ඉතින් ඔහොම යද්දී මූ දැක්ක ගල් දෙබොක්කාවක්.මූ දෙබොක්කාව වටෙන් ගිහිල්ල දෙබොක්කාව මැද්දේ හිටගෙන කොටිය දිහා බලාගෙන හිනා වෙන්න පටන් ගත්තා.මේක දැක්ක විතරයි කොටියට මාරයා ආවේශ උනා. උ කඩාගෙන බිඳගෙන නරිය ලගට දුවගෙන අවා.කරුමෙක මහත , මූව හිර උනේ නැතෑ දෙබෝක්කාවේ.නරිය shape එකේ වටෙන් ඇවිල්ල කොටියට පු$ $රියා. $රලා shape එකේ මාරු උනා.දරාගන්න බැරි කේන්තියෙන් උමතු උන කොටිය දත් මිටිකාගෙන දෙබොක්කාව පෙරලගෙන අවා එලියට. ඇවිල්ල ආයේ නරියව එලවාගෙන ගියා.නරිය දුවගෙන දුවගෙන යද්දී හම්බුනා ගෙදරක්.මූ දොර අරගෙන ඇතුලට ගිහින් දොර වැහුවා.පුටුවක් උඩ තිබ්බ පත්තරයක්.මූ එකෙන් මූණ වහගෙන දැන් වාඩි වෙලා ඉන්නවා .කොටියත් ටිකකින් ගේ ලගට ඇවිල්ල දොරට තට්ටු කලා
කොටියා -"කව්ද ගෙද‍ර ?"

නරියා -"කව්රුත් නැහැ "

කොටියා - "මේ පැත්තෙන් නරියෙක් එහෙම දිවවද ?"

නරියා -"නරියෙක් නම් දිව්වේ නැහැ .හැබැයි නරියෙක් කොටියෙක්ට පු$ $රලා කියල අද පත්තරේ නම් තියනවා "

හුටා , මේක ඇහුන විතරයි කොටිය තමන්ගේ අධෝ මාර්ගය අතගාල බැලුවා. "මුන් නම් අම්මගේ පත්තර කාරයෝ තමා.පු$ $$ ටික වෙලෙන්නත් කලින් මේක පත්තරේ දාලානේ .තව හිටියොත් බලු වෙන්න තමා වෙන්නේ " කියල කොටිය ආපු වෙගෙටත් වඩා වේගෙන් මාරු උනා

ආයෙත් පාරක් try කරන්න පුතා

ආයෙත් පාරක් try කරන්න පුතා
ආයෙත් පාරක් try කරන්න පුතා !

දුප්පත් පව්ලක සුන්ඳර අවිවාහක තරුණියක වූ මනිෂා ඇය මවක් වීමට යන බැව් දැනගත් විගස එය තම මවට පැවසුවාය.
”අනේ දෙවියනේ, මොන යකාද උඹට මේ අපරාදේ කරේ?”

වහාම දුරකතනය වෙත ගිය මනිෂා යමෙකුට දුරකතන ඇමතුමක් ගත් අතර පැයකට පමණ පසුව අධි සුඛෝපභෝගී මෝටර් රථයකින් බැසගත් ටයි කෝට් හැඳි කඩවසම් තරුණයෙක් ඉන් බැස නිවස තුළට පැමිණියේය.

මනිෂා , ඇයගේ මව සහ පියා ඔහු කියන්නට යන්නේ කුමක්දැයි යන පැනයෙන් යුතුව දෑස් අයා බලා සිටින්නට උයේ ප්‍රශ්ණ හා පිලිතුරු හුවමාරුවෙමින් තිබින.

”මනිෂාට වුනු දේට වගකියන්න ඕන මම තමයි.! ඒත් මට ඇයව විවාහ කරගන්න බෑ. ඒ වෙනුවට ඇයට ලැබෙන්නේ දුවෙක් වුනොත් කඩ කාමර දෙකකුත්, දෙමහල් නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. පුතෙක් ලැබුනොත් කම්හල් දෙකකුත්, නඟරාසන්නව නිවසකුත් කෝටියක මුදලකුත් මම දෙන්න කැමතියි. ලැබුනේ නිඹුල්ලු වුනොත් දෙන්නටම කෝටිය බැගින් ගිණුම් දෙකක් මම ලබා දෙනවා.

ඒත් වැරදිලාවත් ඉපදෙනකොට ළමයා නැති වුනොත් ඔයාල මට මොකද්ද කරන්න කියන්නේ??”
මදක් කල්පනාවේ නිමග්නව සිටි ‘පියා“ තම කටහඬ අවදි කලේ හරි ආඩම්බර ලීලාවෙන්ය.

”ආයෙත් පාරක් try කරන්න පුතා.” !

පොරක්

ඔන්න එක පොරක් මහා පරිමාණ සමාගමකට පුහුණුව ලබන්නෙක් වශයෙන් ඇතුළු උනා :-

මෙයාගේ පලවෙනි දවසෙම office එකේ කුස්සියට call කරලා - “ඉක්මනට මට තේ එකක් එවන්න” කියලා කැගහලා කිවා.

එතකොට call එකේ අනිත් පැත්තෙ බුවා කිව්වා - “තමුසේ වැරදී නොම්බරෙකට ගන්නේ තමුසේ දන්නවද මම කව්ද කියලා බූරුවෝ ”

පුහුණුව ලබන්නා කිව්වා - “නැ”

call එකේ අනිත් පැත්තෙ බුවා කිව්වා - “මම තමයි කළමනාකාර අධ්‍යක්ෂ මේ සමාගමේ”

පුහුණුව ලබන්නා කෑ ගහලා ඇහුවා - “තමුසේ දන්නවද ? මම කව්ද කියලා බූරුවෝ”

කළමනාකාර අධ්‍යක්ෂ කිව්වා - “නැ”

පුහුණුව ලබන්නා “බුදු අම්මෝ ඇති යන්තන්” කියලා phone එක තිබ්බලු

ෆිෆ්ටි බක්ස්

ඔන්න ලංකාවේ බුවෙක් , මේකාට නමක් එපැයි අපි කියමු නිරෝෂ් ම කියලා, නිරෝෂ් තමන්ගේ පවුලත් එක්ක (පවුල කිව්වට වයිෆ් විතරයි , ) ඇමෙරිකාවේ ටික කාලෙකට පදිංචියට ගියාලු. ඉතින් දවසක් වයිෆරේත් එක්ක ෂොපින් පාරක් දාන්න අර ආපිකෝ සුපර් සෙන්ටර් වගේ ඇමෙරිකාවේ තියෙන ලොකු මෙකකට ගියාලු ඈ..

ඉතින් ඔය ගෑනුත් එක්ක ෂොපින් කරන වැඩේ හරි බෝරින්ග් වැඩක් නිසා නෝනට ෂොපින් කරන්ඩයි කියල මූ කාර් එකේම හිටියලු.. ඔහොම ටික වෙලාවක් යද්දී ටිකක් සෙස්සි ලුක් එකක් තියෙන සනී ලියොන් වගේ කෑල්ලක් ඇවිත් වීදුරුවට තට්ටු කරනවලු , මුත් ඉක්මනට ශටර් එක ඇරියහම ලු තේරුනේ මේකි අරහෙම එකක් කියලා , ඔව් ඔව් අරහෙම එකක් , ඉතින් දන්න ඉංගිරීසි දාලා
"හව් මච් ? " කිවලු .. මේකි කිවලු "ෆිෆ්ටි බක්ස්" (50$) කියලා,

නිරෝෂ් : අෆෝ වැඩියි වැඩියි... ඕනෙනං 10 බක්ස් දෙන්නම් (ඔව් ඒකිට සිංහල තේරෙනවා )

මිස් සනී : නෝ නෝ 50 තමා 10ට වෙන එකක් හොයාගන්න..

මුත් ඉතින් පනහක් දීලා ඕක කරගන්න තියෙන ලෝබ කමට වේලි වේලි කාර් එකේ හිටියා නෝනා එනකම් , ටිකකින් නෝනා ඇවිල්ල කාර් එකට නැග්ගා.. කාර් එක ඉස්ටාට් කරලා යන්න යද්දීම අර සෙස්සි අක්කා ඇවිල්ල ආයෙත් ජනේලෙට ගහනවා.. මූ ශටර් එක ඕපන් කරා..

මිස් සනී (සෙස්සි අක්කා ) : ඔයාට 10ට ඉතින් ඔය වගේ බඩුවක් තමා හම්බෙන්නේ...

කුරුමිට්ටො

ඔන්න අපේ මහරජ ඇතුලු පිරිස කොයිවෙලේ බැලුවත් රොත්ත බුරුත්ත පිටින් විදේශ සංචාර වලනෙ.. රට රටවල් වල ගිහින් ගිහින් අන්තිමට චාන්ස් එකක් ලැබුන අඟහරු ලෝකෙටත් යන්න.. හැබැයි රාජ්‍ය නායකයටයි ආර්යාවටයි විතරලු යන්න අවසර ලැබුනෙ.. එහෙ නීති තදයිලු ටිකක්..

ඔන්න ඉතින් ජෝඩුව අවශ්‍ය බඩුමුට්ටුත් අරගෙන ගියාලු ගමන.. ගිහින් ඔන්න අවශ්‍ය කරන සාකච්චා වලට එහෙම ඉඳල ෆොටෝ එහෙම අරගෙන අන්තිමට දෙන්නට එහෙ ලොකු හෝටලයක රෑ කෑම ලැබුනලු.. වටේම මේස වල ඉන්නෙ කුරුමිට්ටොලු.. ඔන්න ඉතින් කෑම කන අතරෙ ආර්යාව බෙල්ලෙ පොට යනකන් හතර වටේටම ඔලුව කරකව කරකව කුරුමිට්ටො බලනවලු.. ඕක දැකපු මහරජ අහපි "මොකද නෝනෙ බෙල්ලෙ ඇට කඩනවවත්ද" කියල..

ආර්යාව ඉතින් ටිකක් කොමලෙ පාල ඇඹරිලා කිව්වලු "මේ... මට පොඩි ආසාවක් ආව.."

ලොක්කා: මොකක්ද සුදූ ආසාව..

ආර්යාව: මේ.... ඔයාට පේනවද අර කුරුමිට්ටො..

ලොක්කා: සමහර අයවනම් පේන්නෙ නෑ මේස වලට කවර් වෙලා නිසා.. ඇයි මොකෝ ඒ පාර..

ආර්යාව: මේ... මට ආසයි කුරුමිටි කොල්ලෙක් එක්ක.... අරව කරන්න

ලොක්කා: අරව කිව්වෙ කොරවද.. (බොලත් මගෙන් අහන්න එපා අරව කිව්වෙ කොරවද කියල)

ආර්යාව: අර අරව අනේ.. ආයෙත් චාන්ස් එකක් ලැබෙන්නෙ නෑනෙ කුරුමිට්ටෙක්ට කියල එව්ව කරගන්න..

ලොක්ක කල්පනා කලාලු, "අම්මප මේකිට තියෙන රුදාවක්.. කමක් නෑ ඉතින් මේකෙන් මටත් චාන්ස් එකක් ගන්න පුලුවන්නෙ" කියල බුවා මෙහෙම කිව්වලු...
ලොක්කා: කමක් නෑ ඉතින් ඔයාගෙ ආසාවනෙ.. හැබැයි මටත් කුරුමිටි ගෑනු කෙනෙක් එක්ක එව්ව කරන්න ඕනෙ..

ඔන්න දෙන්න ඉතින් එකඟතාවකට ඇවිල්ල වෙන වෙනම කුරුමිට්ටෙකුයි කුරුමිට්ටියෙකුයි එක්ක කාමර වලට ගියාලු..

-ආර්යාවගේ කාමරයේ වූ සිදුවීම-

ඔන්න ඉතින් ආර්යාවයි අනවශ්‍ය කොටස් ගලවල දාල වැඩේට ලෑස්ති උනාලු.. කුරුමිට්ට ඇදූම් ගලවපු ගමන් ආර්යාවට බකාස් ගාල හිනා ගියාලු.. කුරුමිට්ට බයවෙලා ඇහුවලු මොකෝ මැඩම් කියල.. මොකෝ කියල තේරෙනවනෙ උඹලටත්.. කුරුමිට්ටගෙ ඉතින් අනිත් කොටසුත් ඇඟේ හැටියටනෙ.. කුරුමිට්ට කිව්වලු ආර්යාවට,
වම් ඇ# වම් පැත්තට කරකවන්න කියල..
මෙන්න කරකවපු ගමන් කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික දික් වෙනවලු.
දකුනු ඇ# දකුනට කරකවන්න කිව්වලු..
ඔන්න එතකොට කුරුමිට්ටගෙ මෙව්ව එක ටික ටික ලොකු වෙනවලු.
(කුරුමිට්ටො දියුනුයිනෙ.. උන්ගෙ මෙව්ව එකත් adjustable ලු)
ඔන්න ඉතින් වැඩේ හරිනෙ.. ජීවිතේටම අන්තිම පාරනෙ කියල එපා වෙනකන්ම අරෙව්ව කලාලු දෙන්න..

-පසුදින-

ඊටපස්සෙ දවසෙ ඉතින් ආර්යාව හෙන සන්තෝසෙන් තමන්ගෙ කාමරේට ආවලු.. එනකොට තමන්ගෙ සුවාමිපුරුසයා අහවල් තැනත් අතින් තද කරගෙන කෙඳිරි ගගා ඉන්නවලු ඇඳ උඩ.. හද කම්පා වුන ආර්යාව දුවල දුවල ගිහින් ඇහුවලු මොකෝ බබෝ ඔයාට උනේ, ගොඩක් අමාරු වෙනකන්ම අරව කලාද කියල..

ඒ පාර ලොක්ක කිව්වලු..
"මොන කිරිල්ලක්ද නෝනෙ.. පටන්ගන්නකොටම ඒ වේ# මගෙ වම් ඇ# දකුනට කරකවල දකුනු ඇ# වමට කැරකෙව්ව.." කිව්වලු.

එංගලන්තේ සංචාරේ

ඔන්න අපේ ජනාධිපතිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින ව බැහැ දකින්න.
එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනේ.ඇඟිල්ලෙන් ඇන ඇ න කියන්න ඕනි නෑ නේ.ඉතින් ජනාධිපති තුමාට හරිම පුදුමයි ලු කොහොමද මෙහෙම වෙන්නේ කියල.
ඉතින් රැජින එක්ක සතුටු සාමීචියේ දීගෙන ඉන්නකොට ජනාධිපති තුමාට ඒ ගැන රැජිනගෙන් අහන්න හිතුනලු.

ජනාධිපති තුමා : රජිනියනි,ඔබතුමියගේ රටේ හැම වැඩක් ම බොහොම ක්‍රමානුකූලව සිදු වෙනවා.මොකක්ද මේකේ රහස..?

රැජින : මේකනේ මිස්ට මහින්ද.මගේ රටේ ඇමතිවරු මන්ත්‍රී වරු බොහොම බුද්ධිමත්.කෙලින් කතා කරන,ඒ විදිහට වැඩ කරන මිනිස්සු.ඒ නිසා තමා අපේ රට දියුණු වෙන්නේ.ඉන්නකෝ මම ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.

මෙහෙම කියපු රැජින එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් ට කෝල් එකක් ගත්තලු.

රැජින: මිස්ට කැමරන් මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා.ඔයාගේ තාත්තට ළමයෙක් ඉන්නවා.එයා ඔයාගේ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවේ.එහෙනම් එයා කවුද..??

කැමරන් : ඒ මමනේ රැජිනියනි.

තත්පර පහක්වත් ගන්නේ නැතුව කැමරන් ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නලු.
කොහොමහරි සංචාරය නිමා කරලා ලංකාවට ආව ජනාධිපතිතුමා ට එතුමාගේ ඇමතිවරුන් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා බලන්න හිතක් පහල වෙලා එතුමාව මුණ ගැහෙන්න ආව ජී.එල් පීරිස් මහත්තයාගෙන් අර ප්‍රශ්නේ ඇහුවලු.

අනේ ඉතින් ඒ මහත්තයා අහස පොලොව ගැටගහන්න කල්පනා කරනවලු කරනවලු.ම්හු උත්තරයක් දී ගන්න බැරිලු.මල පැන්න ජනාධිපති තුමා "මොනාද ඔයි තමුසෙට මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරි ද..?? හරි මම පැය 24 ක් කල් දෙන්නම්.උත්තරේ හොයාගෙන ඇවිත් මට කියන්න" කියල කිව්වලු.

ජී.එල් මහත්තයා ගෙදර ආව ගමන් කෝල් එකක් ගත්තලු එස්.බී දිසානායක ඇමතිතුමා ට.එතුමගෙනුත් ප්‍රශ්නේ ඇහුවට එතුමා උත්තරේ දන්නෙත් නෑ ලු.උත්තරේ මොකක්ද කියා කියා කල්පනා කරනකොට එස්.බී මහත්තයා එක පාරටම කිව්වලු "අපේ චම්පික නම් මේකට උත්තරේ ෂුවර් එකටම දන්නවා ඇති.අපි මිනිහට කෝල් එකක් දීල බලමු" කියල.

චමිපික මහත්තයාට කෝල් එකක් දීල ප්‍රශ්නේ කිව්වම එතුමත් කිව්වලු "ආ..ඒ මමනේ" කියල.
ඔන්න ඉතින් අර දෙන්නට ෆුල් සැටිස්.දෙන්නම ගියාලු හවස ජනාධිපතිතුමා ව බැහැ දකින්න.

ජනාධිපතිතුමා : ආ..දෙන්නම ආවද..? මොකද හොයාගත්තද මගේ ප්‍රශ්නෙට උත්තරේ..?

ඩබල : එහෙමයි.උත්තරේ තමා චම්පික රණවක.

ජනාධිපතිතුමා : (මල පැන) තමුසෙලාට ඇමතිකම් දුන්නටත් පාඩුයි ඕයි.මෙච්චර ලේසි ප්‍රශ්නෙකට උත්තරේ දන්නේ නැති තමුසෙලා කොහොමද මම බාර දෙන වැඩ හරියට කරන්නේ..?

ඩබල : (ඉතා අහිංසක ලීලාවෙන්) එහෙනම් හරි උත්තරේ මොකක්ද ජනාධිපති තුමනි..?

ජනාධිපතිතුමා : උත්තරේ ඩේවිඩ් කැමරන් නේ ඕයි.

උණ්ඩය

ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා දිහාවට තමන්ගේ තුවක්කුව හරවලා තුන්සැරයක් වෙඩි තිබ්බා. ඔක්කොම වෙඩි ටික වැදුනේ මෙයාගේ බඩට.

ඉතින් සිද්දිය දැකපු කට්ටිය ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. මෙයාව පරීක්ෂා කරපු දොස්තර අන්තිමේදී තීරණය කළා දරුවන්ට කිසි අනතුරක් නැහැ කියලා. ඒත් උණ්ඩ ටික ඉවත් කරන එක අවදානම් නිසා බඩේම තියෙන්න අරින්න තීරණය කළා.

මේ සිද්දියෙන් අවුරුදු 17කට විතර පස්සේ එක දුවෙක් අඩ අඩා අම්මා ලඟට දුවගෙන ආවා.

“මොකක්ද දුවේ ප්‍රශ්නේ? ඇයි ඔයා අඩන්නේ ?” ගෑනු කෙනා ඇහුවා.

“මම චූ කරන්න ගියාම මෙන්න මේ උණ්ඩය එලියට අවා” දුව කිව්වා.

“ආආ එක ගැන දුක් වෙන්න එපා දුවේ” කියලා මීට අවුරුදු 17 කට විතර කලින් උන සිද්දිය පැහැදිලි කළා.

තව සතියකට විතර පස්සේ අනික් දුවත් ගොඩක් දුකින් ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා ලඟට දුව ගෙන ආවා.
“අම්මේ මම අද චූ කරන්න ගියාම මේ උණ්ඩය එලියට ආවා”

ඒ දුවවත් සනසලා ආයිත් අවුරුදු 17 කට කලින් වෙච්ච සිද්දිය පැහැදිලි කළා.
ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. සති දෙකකට විතර පස්සේ පුතා ගොඩක් බයෙන් බයෙන් ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා ලඟට දුවගෙන ආවා.

“බය වෙන්න එපා පුතා, මම දන්නවා වෙච්ච දේ. ඔයා චූ කරන්න ගියාම උණ්ඩයක් ආවා නේද ?” අම්මා හිනා වෙවී ඇහුවා.

“නැහැ. මම මම ගෙදර පිටිපස්සට වෙලා අ# ගගහා, ඉන්නකොට එකපාරටම අපේ බල්ලට වෙඩි වැදිලා මලා”

දෙවියන් එකක් තියන සම්බන්ධය

ඔන්න අවරුදු 65 විතර සියා කෙනෙක් කායික වෛද්‍යවරයේක් හම්බවෙන්න ගියා කායික පරීක්ෂාවකට, ඉතින් වෛද්‍යවරයා පරික්ෂාව ඉවර වලා කිව්වලු මෙහෙම “කායික තත්වය නම් ඉතා හොඳ අවස්ථාවක පවතිනවා, හැබැයි මානසික තත්වය කොහොමද මම කියන්නේ ඔබතුමාගේ දෙවියන් එකක් තියන සම්බන්ධය කොහොමද ?”

සියා කිව්වලු “ඔබතුමා දන්නැ මගේයි දෙවියන් ගෙයි ලොකු සම්බන්ධයක් තියනවා, ඔබතුමාට කියන්නේ දොස්තර මහත්තයෝ මම රැට මුත්‍ර කරන්න යනකෝ දෙවියෝ ලයිට් ඒක on කරනවා මම මුත්‍ර කරලා ඉවර උනාම දෙවියෝ ලයිට් ඒක off කරනවා” කියලා.

වෛද්‍යවරයා මේ කතාව මහා පුදුමයක්නේ කියලා හිතලා, මේ සීයාගේ බිරිඳට call කරලා ඇහුවලු මේකතාව ඇත්තද කියලා ඇහුවලු “ඔයාගේ සැමියා කියනවා එයට මුත්‍ර කරන්න යනකෝ දෙවියෝ ලයිට් ඒක no කරනවා මම මුත්‍ර කරලා ඉවර උනාම දෙවියෝ ලයිට් ඒක off කරනවා කියලා මේ කතාව ඇත්තද නෝනා”

සීයාගේ wife කිව්වාලු “මේ මිනිහා අයේමත් අයිස් පෙට්ටියට මුත්‍ර කරන්න පටන්ගේනද කොහෙද”
අයිස් පෙට්ටියට (ශ්‍රීතකරණය) :p

ආච්චි මලා


හොරකමේ ගිය කොල්ලො සෙට් එකක් රෑ කනත්තට වෙලා ජොලියක් දාගෙන හිටියා
මේ වෙලවෙ කනත්තෙ මුරකාරයා ආවා

මුරකාරය- අද හවස අරන් ආපු මරනෙ මහත්තයලගෙ ලගම නෑයෙක් වෙන්න ඈති නේද?
එකනෙ ඉතින් ලගම කෙනෙක් දාල යන්න දුකයි නේද?
මොනා කරන්නද මහත්තයො ඕක ලෝක සොබාවයනෙ

හොරු ටික- අනේ දෙවියනේ අපෙ ආච්චි අපිව දාල ගියානෙ
අනේ කව්ද අපිට දෑන් රසට උයල දෙන්නෙ
අනේ අයියෝ......

මුරකාරයා- මොනවා පුන්චිබ්න්ඩලාගේ සිරිසේන කියන්නේ මහත්තයලගෙ ආච්චිද?