Tuesday, May 21, 2013

වේගය වැඩියි

පොලිස්: මහත්මය ඔබගේ වේගය වැඩියි මේ පාරේ 60 වඩා යන්න බැහැනේ.
මිනිසා: සමාවෙන්න මම හදිසියක් වෙලා යන්නේ අනෙක මම ඕනනම් 65 ට යන්න ඇති..
බිරිද: ඇයි අනේ මොන හදිසියකද මම එපා කියද්දී ඔයා 100 ටනේ ගියේ...

පො: ඔබගේ බ්රේක් ලයිට් එක වැඩ කරන්නෙත් නැහැ මම එකටත් දඩ කොලයක් ලියනවා.
මි: ඇත්තද මම දැන් වෙනකල් දැක්කේ නැහැනේ එකනම් නොදැනුවත් කම.
බි: අයි ඩාර්ලින් ගිය මාසෙත් ඔයාව අල්ලද්දී ඕක පත්තු උනේ නැහැනේ.
( මිනිහට දැන් මල පැනල ගෑනිත් එක්ක )

පො: මහත්මය මේ දොරේ තියන සිරුම කොහේ වැදිලද?
මි: ආ එක ගණන් ගන්න එපා මගේ ගැරේජ් එකේ වැදුනේ මම හදා ගන්නම්
බි: ඔයාට මතක නැද්ද අනේ පෙරේද ඔයා පාර්ක් කරලා තියන තැනෙන් එලියට ගද්දිනේ ඕක අර බෙන්ස් එකේ වැදුනේ.
( මිනිහට ඉවසන්නම බැහැ එත් මොනවා කරන්නද බැන්ද ගැනිනේ)

පො: මහත්මයා........ඔබ ආසන පටිය පලන්දගෙනත් නැහැනේ..
මි: ආ ....මම වාහනේ නවතපු ගමන් ගැලෙව්වේ රාලහාමි..
බි: මොන පිස්සුද අනේ ඔය කවදාවත් බෙල්ට් එක දානවය
මි: කට පියාගන් මෝඩ ගෑණි..........
පො: නෝනා, මහත්තය හැම දාම මෙහෙමද කතා කරන්නේ
බි: අනේ නැහැ රාලහාමි මෙයා රත්තරන් මිනිහෙක්.....හොඳටම වෙරි උනාමනේ ඔය...

No comments:

Post a Comment