Tuesday, May 21, 2013

we three

(ඉංගිරිසි රට පාලනය කරන කාලෙදි වුනු සිද්දියක්)

පිටිසර ගමක හිටය ගැටව් 3න් දෙනෙක්ට ඉංගිරිසි ඉගෙන ගන්න හිතක් පහලවුනා.
සුද්දන් 3න් දෙනෙක් පාරෙ යනව දැකපු,
මුන් 3න් දෙනා ඉංගිරිසි ඉගෙන ගන්න සුද්දන් පසු පස ගියා..

සුද්දන් අතරෙන් "we three " කියනවා ගැටයකුගෙ කකට අැහෙනවා.
1ගැටයා : "ඒක මම මතක තියා ගන්නම්" කිව්වා.
"six cent" කියලා අැහෙනවා සුද්දන් අතරෙන්
2ගැටයා : " ඒක මම මතක තියාගන්නම්" කිව්වා.
"yes yes" කියලා නැවත අැහුණා
3ගැටයා : " ඒක මම මතක තියාගන්නම්" කිව්වා.

ඒ දින ඔවුන්ට ඉගෙන ගන්න ලැබුනෙ ඒපමණයි,

පහුවෙනිදා මුන් 3න් දෙනා සුද්දන් වගෙ සැරසිලා බස්තම් අරන් , දුම් පයිප්ප පත්තු කරාන පාරෙ යනවා...
පිහි පහරකින් මිය ගිය මළ මිනියක් මුන්ට හම්බ වෙනවා පාර අයිනෙ තිබිලා

ඒ විටම ෙපාලිසියෙන් ඒතනට ඒනවා....
රාළහාමි කෙනෙක් මෙහෙම අහනවා ගැටව්ගෙන්
"කව්ද මූ මැරැවෙ'
1ගැටයා ; "we three"
නැවතත් රාළහාමි අහනවා
"අැයි මැරැවෙ"
2ගැටයා : " six cent"
අනිත් ගැටයගෙන් අහනවා
"අැත්තද මුන් දෙන්නා කියන්නෙ"
3ගැටයා : "yes yes" කිව්ව
ඉතිරි හරිය ඉතින් හිතා ගන්න පුඵවන්නෙ..........

No comments:

Post a Comment