Tuesday, May 7, 2013
දිව්‍ය ලෝකය (හාස්‍ය)
එදා දිවියලෝකේ හෙණ බිසී දවසක්.මෙහෙ පව් කරන්නේ නැතිව මැරිච්ච පොරවල් ගිහිල්ල,එහෙ කට කැපෙන්න පිරිලා.දෙව් වරු ,දිව්‍යාංගනාවෝ එහෙ පාර්ක් වල හිටන් එකමොඩේෂන් හිඟ කමට.
ඒ අස්සේ දොර ගාව තුන්දෙනෙක් බලන් ඉන්නවා ඇතුලට යන්න.දොරටුපාල ගොයියා ගෙනාව නීතියක් මේ මොහාතේ ඉඳල ඇතුලට ගන්නේ බිහිසුනුම මරනෙකට ලක් වෙච්ච කට්ටිය විතරයි කියල.
පෝලිමේ ඉස්සරහම ඉන්න පොරට චාන්ස් එක ආව මැරිච්ච හැටි කියන්න."මම සැහෙන්න කාලයක් තිස්සේ සැකෙන් හිටියේ මගේ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව කියල.මම අද වරුවක් නිවාඩු දාල කලින් ගෙදර ආව ගෑනිගේ හොරෙ අල්ල ගන්න හිතා ගෙන .මම දහවන තට්ටුවේ තියෙන අපේ එපර්ට්මන්ට් එකට ඇතුල් උන ගමන්ම මට තේරුණා මොකෙක් හරි හැංගිලා ඉන්නවා කියල.හැම තැනම බැලුව,ඒත් හොයා ගන්න බැරි උනා.අන්තිමට බැල්කෙනියට ආව.මේ ඉන්නේ පොරක් එල්ලිලා,බැල්කෙනියේ යටම රේලින් එකේ.මට උරුජුවල් නැග්ග ,ගෙට ගිහින් මිටියක් අරන් ඇවිල්ල අර යකාගේ ඇඟිලි තැලුව රේලින් ඒක අතඇරිලා වැටෙනකම්ම.කාලකන්නිය වැටුනේ පඳුරක් උඩට #$@# පුතා මලේ නෑ.ඒ පාර ගෙට ගිහින් ෆ්‍රිජ් ඒක ඇදගෙන ඇවිල්ල අතඇරිය උගේ ඇඟට.ඔන්න ඒ පාර තමයි ඒ ප@# මරුනේ.ඔය සෙල්ලම් ඔක්කම දාල ඉවර වෙනකොට මට හාර්ට් ඇටැක් හැදිලා ,මං තුමත් කප් ඒක ගැහුවා" දොරටුපාල දෙයිය හේනට කම්පා වෙලා පොරව ගත්ත ඇතුලට.කතා කළා ඊළඟ කියල.
ඊළඟ පොර ඇවිල්ල කිව්වා "මං පදිංචි වෙලා ඉන්නේ උස බිල්ඩිමක එකොලොස්වන තට්ටුවේ.මං හැමදාම බැල්කෙනියේ එක්සසයිස් කරනවා.අද එක්සසයිස් කරමින් ඉද්දි පය ලිස්සල බල්කෙනියෙන් වැටුන.වැටෙනකොට වාසනාවට වගේ දහවන තට්ටුවේ බල්කෙනියේ රේලින් ඒක අහුවෙලා එල්ලුනා.එතකොට කවුද පොරක් ආව බැල්කෙනියට,මං හිතුව මෑන්ස් මාව බෙර ගනියි කියල.කොහෙද ඒ හු#$%$ මිටියක් ගෙනල්ල මාව බිම වැටෙනකම් ඇඟිලි තැලුවනේ.මට අහු උනොත් ඔය වේ##$ පුතාව අමුවෙන් කනවා.ලක් එකට මාව වැටුනේ පඳුරු ගොඩක් උඩට,ලොකු ඩමෙජ් එකක් උනේ නැහැ.ඒ උනාට අර හු@#% තඩි ෆ්‍රිජ් එකක් ඇදගෙන ඇවිල්ල මගේ ඇඟට අතඇරියනේ.එකෙන් තමා මට මෙහෙ එන්න චාන්ස් ඒක හම්බුනේ." දොරටු පාල දෙයිය හේනට කම්පා වෙලා පොරවත් ඇතුලට ගත්ත.කතා කළා ඊළඟ කියල.
තුන් වෙනි එකා ඇවිල්ල පටන් ගත්ත ඌට වෙච්ච දෙ කියන්න."බලන්නකෝ දෙයි හාමුදුරුවනේ මට වෙච්ච දෙ ,මම හෙළුවෙන් ෆ්‍රිජ් එකක් ඇතුලේ හැංගිලා ඉන්නකොට ....." එච්චරයි කියන්නේ හම්බුනේ ,අධෝ පාර්ශවයට වැදුන පා පහරකින් පොර නැවතුනේ යමයාගේ රාජ සභාව ඉස්සරහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment