Tuesday, May 7, 2013

කන පැලෙන්න බීලා

ඔන්න දවසක් දෙන්නෙක් කන පැලෙන්න බීලා බීලා පාරෙ අමාරුවෙන් වැනි වැනී ගෙදර යනවලු! සිරිපාලයි ගුණපාලයි කියලා කියමුකෝ! හදිසියේම සිරා දැක්කලු ඉස්සරහින් පාර තියෙන යමක් දෙන්නට පෑගෙන්න යන බව!

සිරා - ඒයි අයින් වෙයන් ඔන්න කක්කා ගොඩක්!!
ගුණේ - (ඒ දෙස බලා) පිස්සුද බන්? මේක කක්කා ගොඩක් නෙවෙයි බන්!
සිරා - (පහත් වී නැමී මුහුණ ලං කොට බලා) යකෝ! මේක කක්කා ගොඩක් තමයි!! මේ පේන්නෙ නැද්ද?
ගුණේ - (සිරා බැලූ අයුරින්ම බලා) අනේ පලයන් බන්! උඹ හිතුවද මට ඇස් පේන්නෙ නෑ කියලා? මේ කක්කා නෙවෙයි මෝඩයෝ!
සිරා - (හොඳින් නහය ලං කොට ඉව කොට බලා) හප්පේ... යකෝ මේ පේන්නෙ නැද්ද ගඳ! මේ කක්කම තමයි යකෝ!
ගුණේ - (සිරා බැලූ ලෙසම ඉවකොට බලා) නෑ මිනිහෝ! මේ කක්කා නෙවෙයි! බත් පාර්සලයක් වගේ මොකක් හරි පාරෙ වැටිලා නරක් වෙලා වෙන්න ඇති!
සිරා - (නොදන්නා ද්‍රව්‍යයෙන් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන හොඳින් බලා) අපෝ බන්! මේ බලපන් කක්කා තමයි බන්! මේ.. හැටි බලපන්කෝ!
ගුණේ - (සිරා සේම ඇඟිල්ලට ගෙන බලා) උඹට බෑ මාව රවට්ටන්න! කක්කා නෙවෙයි! එච්චරයි මම කියන්නේ!!
සිරා - (ඇඟිල්ලට ගත් ද්‍රව්‍යය කටේ දමා රස බලමින්) කක්කා තමයි ගුණයෝ! කියන දේ අහපන්! මට හොඳටම ෂුවර් යකෝ දැන් නම්!!
ගුණේ - (සිරා කල ලෙසින්ම කටේ දමා මඳක් රස බලමින් සිට) චිකේ! ඊයා බන්! කක්කා තමයි! තව පොඩ්ඩෙන් පෑගෙනවා!

කියා දෙදෙනා කක්කා ටික මඟ හැර ගියෝ

No comments:

Post a Comment