Tuesday, May 21, 2013

ගෑනු තුන්දෙනෙක්

ඔන්න දවසක් තරුණ ගෑනු තුන්දෙනෙක් පරලොව සැපත් වෙලා දිව්‍යලෝකෙ ගේට්ටුව ලඟට ආවලු. හැබැයි එක පාරටම ඇතුලට ගන්නෙ නෑ. කවුද මන්ද දෙවියෙක් ඉන්නව, මෑන්ස් තමයි ඉන්ටවීව් කරල කාරිය ඇතුලට ගන්නෙ.

ඔන්න පොර ආවලු ගේට්ටුව ලඟට. ඇවිත් ඉන්ටවීව් එක පටන් ගත්තලු. පළවෙනි ගෑනිට කතා කළා.

"යුෂ්මතිය මැරෙන්න කලින් ධාර්මිකව ජීවත් වුනාද?"
"එහෙමයි ස්වාමීනී"
"තමුන්ගේ ස්වාමිපුරුෂයට එහෙම අවංකව හිටියද?"
"කවදාවත් වෙන මිනිහෙක් ගැන හිතලවත් නෑ ස්වාමීනී"

එයාව පොඩ්ඩකට පැත්තකින් තියපු දෙයියො දෙවෙනි ගෑනිට කතා කළා. අර ප්‍රශ්න දෙකම අහනව. මේ ගෑනි කියනව,

"අනේ ස්වාමීනී මම වෙන මිනිහෙක් එක්ක පොඩි සීන් එකක් තිබුනා, ඒත කවදාවත් අතින් අල්ලපු එකට වඩා නං දුර ගියේ නෑ"

ඒ ගෑනිටත් පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියල ඕං තුන්වෙනි ගෑනිටත් අඬගැහුව. අර ප්‍රශ්න දෙකම ඒ ගෑනිගෙනුත් අහනව.

"ස්වාමීනී මම නං කලේම වෙන මිනිස්සු එක්ක ගිය එක. මං මගේ මිනිහ එක්ක හිටියට වඩා වෙන උන් එක්ක ඉඳලා ඇති"

දෙයියො පොඩ්ඩක් කල්පනා කළා.
මුලින් ඉන්ටවීව් කරපු ගෑනු දෙන්න දිහාට හැරුනා.

"යුෂ්මතීල දෙන්න ඔහොම ඇතුලට යන්න"

ඒ දෙන්නා යනකං ඉඳල අර තුන්වෙනි ගෑනි දිහාට හැරිලා,

"ඔය නංගි හවස්වෙලා මගෙ කාමරේ පැත්තෙ එන්නකො"

No comments:

Post a Comment