Tuesday, May 21, 2013

චන්ඩියෙක්

රත්මලනෙ පට්ට චන්ඩියෙක් හිටියා නම මතක නැහැ. මිනිහ අගුලානෙ බාර් එකට ගියාලු රීලෝඩ් එකක් දාගන්න...ශොට් දෙකක් දාගෙන එලියට එද්දි මිනිහගෙ පුට් බයිසිකලෙ මිසින්ලු,

මිනිහට මලේ මලලු, කතා කලාලු වේටර් කොලුවට, මුට කනට කරල කිව්වලු
'' මල්ලි බෙලෙක්කඩේ හන්දියෙ වෙච්ච සිද්දිය කරගන්නෙ නැතිව මගෙ බයිසිකලෙ හොයල මෙතනින් ගෙනත් තියපන්.... මම ශොට් එකක් දාගෙන එන්න ඉස්සෙල්ලා. කියල කිව්වලු..

දැන් වේටර් කොලුවට සිද්දිය හතරවරන්ලු.... මුට බයෙ බැරිලු... අරූ නසරානියනෙ..... කොල්ල වටෙ දුවල කොහොමහරි පුටාර් එක හොයා ගත්තලු...ගෙනල්ල තිබ්බලු බාර් එකේ දොරකඩින්.....ටිකකින් බුවා ශොට් එකක් දාගෙන එලියට ආවලු....
" ආ මේ තියෙන්නෙ මගෙ වස්තුව" කියල නැග්ගලු පුටාර් එකට.
වේටර් කොලුවට විසද ගන්න ප්‍රශ්නයක් තියනවලු.
මේකා කලබලෙන් ගියාලු චන්ඩියා ලගට , ගිහින් ඇහුවලු මෙහෙම
" අයියෙ මෙහෙම අහනවට තරහ වෙන්න එපා ' ඔයාට බෙලෙක්කඩේ හන්ඩියෙදි බයිසිකලේ නැතිඋනාම මොකක්ද අය්යෙ උනෙ.බාර් එකේ උන්ට දුන්නද රිඩෙන්න...?
චන්ඩිය ටිකක් කල්පනා කරල මෙහෙම කිව්වා,
" පිස්සුද මල්ලි මම අඩිය දාල එද්දි පුටාර් එක තිබුනෙ නැහැ , මම පොඩි සද්දයක් දාල බැලුව හරි ගියෙ නැහැ.."
ඊට පස්සෙ මොකද උනේ අය්යෙ? මොනා කරන්නද , මම පයින්ම ගෙදර ගියා මල්ලි......
රත්මලනෙ චන්ඩි ඔහොම්මමලු....

No comments:

Post a Comment