තම අතිජාත මිත්‍රයා මරණාසන්නව ඉස්පිරිතාලයක සිටින බව ආරංචි වුනු ඇම්ඩා වාහාම තම මිත්‍රයාව බැලිමට රෝහලට ගියේය. තමාගේ මිතුරා අසරණව ඇදේ වැතිර සිටිනු දුටු ඇම්ඩාටද දුක වාවාගත නොහැකිව ඔහුගේ ඇදේම කෙලවරක වාඩිවු ඇම්ඩා මිතුරා දෙස බලමින් කදුලු සලන්නට විය. ඇම්ඩා ඇදේ වාඩිවි ටික වෙලාවක් ගතවුවා පමනි. මිතුරාගේ දැගලිම වැඩිවිය. ඔහු මරවිකල්ලෙන් අතින් පයින් ගසමින් ඇම්ඩාට කුමක් හෝ කියන්නට තැත්කරන බව පෙනෙන්නට වු විට ඔහු මෙ කියන්නට යන්නේ අවසාන වචන කිහිපය බව වටහාගත් ඇම්ඩා වාහාම තම සාක්කුවෙන් කොලයක් සහ පැන්සලක් ගෙන මිතුරා අත තැබුවේය.මරවිකල්ලෙන් දගලමින් ඉතා කලබලයෙන් කිසිවක් ලියු මිතුරා එය ඇම්ඩා අත තබන්නට පෙරම අවසන් ගමන් ගියේ ඇම්ඩාව දුක් සයුරක ගිල්වමිනි.
කෙසේ හෝ මිතුරාගේ මරණයේ වැඩකටයුතු වලටද සහබාගි වි හත්දවසේ දානය දිනයේ වැඩ කටයුතු ද නිමාවි මිතුරාගේ ඥාතින් ඉදිරිපිටදි අන්තිම කැමැත්ත ලියු කොල කැබැල්ල එලියට ගත් ඇම්ඩා සියල්ලන්ටම ඇසෙන ලෙස එය කියන්නට වු විට එහි ලියා තිබුනේ මෙසේය.
‘‘යකෝ ඉක්මටන ඔතනින් නැකිටපන් උඹ වාඩිවෙලා ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ‘‘
No comments:
Post a Comment